ලිපි

Saturday, February 4, 2012

ගෝමර පිළිහුඩුවා(pied kingfisher)/(Ceryle rudis)


දිනය       :19/01/2012
වේලාව    :ප.ව. 5.30
ස්ථානය   :බොල්ගොඩ ආසන්නයේ


ජනවාරි 14 දින හරිත මිතුරෝ සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකවට සහභාගී වූ නිසා  කුරුල්ලන් නිරීක්ෂණය කිරීමේ දැඩි ආශාවක් මා වෙත විය.ඒ නිසා 19  වෙනිදා සවස බොල්ගොඩ ආසන්නයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට මට සිතුනි.එහිදී  විශ්ව විද්‍යාලය තුල දැකගත හැකි කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් දැකගැනීමට හැකි විය.සවස 5.30 ට පමණ කලු හා සුදු පැහැ ගත් පක්ෂියෙක් එක වරම දියට ආසන්නයෙන් ඉතා වේගයෙන් පියාසර කරනු මට දර්ශනය විය.

එවැනි කුරුල්ලෙක් මීට පෙර අවස්ථාවකදී දැක නොතිබූ නිසා මට මහත් කුතුහලයක් හට ගැනුනි.තවත් වරක් ඌ දැක ගැනීමේ අටියෙන් මා වඩාත් විමසිල්ලෙන් නිරීක්ෂණය කරන්නට විය.විනාඩි 10 කට පමණ පසු නැවතත් ඌ දර්ශනය විය.ඉතා වේගයෙන් පියාසර කල නිසා එවර පහැදිලිව දැකගත හැකි වූයේ හොට
කොටස පමණි.කලු පැහැති දිග හොටක් ඌ වෙත විය. සටහන් තබා ගැනිමට හැකි වූයේ "කලු සුදු වයිරම් වැටුනු මයිනෙකුට වඩා තරමක් විශාල කලු පැහැති දිග හොටක් සහිත කුරුල්ලෙක්"ලෙස පමණි.පසුව කුරුලු මගපෙන්වීම් පොතක් අධාරයෙන් ඌ පහසුවෙන්ම සොයා ගැනීමට හැකි විය.ශරීරයේ කැපී පෙනෙන වෙනස වූ කලු සුදු වයිරම් අනුව ඌ ගෝමර පිළිහුඩුවා (pied kingfisher)ලෙස නම්කර ඇත. විශ්ව විද්‍යාලය තුළ සාමාන්‍යයෙන් නොදකින කුරුල්ලෙක් නිසා ඌ ගැන තොරතුරු සෙවීමේ ආශාවක්ද ඇති විය.සොයා ගත් දත්ත ටිකක් පහත කෙටියෙන් දක්වා ඇත.



මේ පක්ෂියා misterious bird ලෙසද හදුන්වනු ලබයි.පූර්වජයා ගැන පැහැදිලි නිර්වචණයක් නැති නිසාත්  Ceryle ගණයේ එකම පක්ෂියා වීමත් එයට හේතුවයි.ගෝමර පිළිහුඩුවාගේ ශරීර ප්‍රමාණය සෙ.මි.25ක් පමණ වන අතර තටු දිගහැරි පසු ඒ අතර ප්‍රමාණය සෙ.මි.45 පමණ වේ.ඝෝෂාකාරී සත්වයෙක් වන අතර ගැහැණු හා පිරිමි සත්වයන් අතර පැහැදිලි වෙනස්කම් දැක ගත හැකිය.පිරිමි සතුන්ගේ ගෙල වටා කලු පැහැති මාල 2ක් දැකිය හැකි අතර ගැහැණු සතුන්ට ඇත්තේ එක් මාලයක් පමණි.එය වෙන් කර හදුනා ගැනීමේ ප්‍රධාන ලක්ෂණය වන සේම හිසේ සිළ අනුවද හදුනා ගැනීම කල හැක.කලු සුදු ගෝමර නිසා අනිකුත් කුරුල්ලන්ගෙන්ද ඉතා පහසුවෙන් වෙන්කර ගත හැකිය.


මිරිදිය හා කරදිය 2හිම මසුන් දඩයම් කර ජීවත් වන සත්වයෙක් වන මොහු සුපාවීම (hoovering)ආධාරයෙන් දඩයම් සිදුකරන පක්ෂියෙක් ලෙසද ප්‍රකටය.ගොදුර ආසන්නයේ අහසේ එකතැන සිට එකවරම ලම්භකව දිය යට කිමිදී ගොදුරු දඩයම් කිරීම සිදුකරයි.පැයට සැතපුම් 32 ක පමණ වේගයෙන් පියාසර කිරීමේ හැකියාවද මොහු සතුය.සාමාජිකයන් 3- 4ක් පමණ කණ්ඩායම් ලෙස හෝ යුවලක් ලෙස ජීවත් වේ.


ගං ඉව්රේ තැනූ ගුහාවක සුදු පැහැති බිත්තර 4-5ක් පමණ වරකට දමයි.තර්ජන ඉතා අඩු කුරුල්ලෙකි.අනිකුත් සතුන් ගෝමර පිළිහුඩුවා ගේ මස් කෑමට ප්‍රියතාවයක් නොදක්වන නිසා පරිසරයේ කැපී පෙනෙන සත්වයෙකු ලෙසත් තර්ජන අඩු ජීවියෙකු ලෙසත් ජීවත් වීමේ හැකියාව මොහුට ලැබී ඇත.ලෝකය පුරාම වාගේ දැකගත හැකි අතර සංචරණය ආහාර අවශ්‍යතාවයන් මත තීරණය කරයි.

No comments:

Post a Comment