|
Sri Lanka Rose (E)
|
Red Helen
|
|
Common Mormon
|
|
Blue Mormon
|
|
Bluebottle
|
|
Common Jay
|
|
Tailed Jay
|
|
|
Psyche
|
Mottled Emigrant
|
|
One spot Grass Yellow(E)
|
|
Three Spot Grass Yellow
|
|
|
Sri Lanka Tree Nymph (E)
|
Rustic
|
|
Grey Pansy
|
|
Common Lascar
|
|
Common Sailor
|
|
Chestnut Streaked Sailor
|
|
Clipper
|
|
Gladeye Bushbrown
|
|
Cingalese bush Brown (E)
|
|
Nawab
|
|
Baron
|
|
|
Pointed Ciliate Blue
|
Common Lineblue
|
|
Dark Cerulean
|
|
Sri Lanka Cerulean (E)
|
|
Common Cerulean
|
|
Angled Pierrot
|
|
Common Imperial
|
|
Pale four Lineblue
|
|
Monkey Puzzel
|
|
|
Brown Awl
|
|
Plum Judy
|
Tuesday, November 20, 2012
Athwelthota Butterfly CheckList-(2012/11/13)
Thursday, September 13, 2012
සිංහරාජ මායිමේදී...
අපි සිංහරාජ වනාන්තරයේ චාරිකා කලේ අගෝස්තු මාසේ 27 වෙනිදා.(ඒ ගමන ගැන විස්තර "අපේ කතා" බ්ලොග් එකෙන්).අජිත්ලගේ ගෙදර ඉදන් ලංකාගමට යන ගමනේදී අපි කිහිප දෙනෙක් එය අධ්‍යයන චාරිකාවක් විදියට යොදා ගත්තා.මම,අජිය,කලන,පුෂ්පෙ සහ ටික දුරකදී පුබුදුත් අපේ ඒ කාර්යට එකතු උනා.ප්‍රධානම අරමුණ උනේ සමනලුන් නිරීක්ෂණය කිරීමයි.අපි අතරේ ඒ සම්බන්ධව ලොකු දැනුමක් තියෙන කෙනෙක් හිටපු නැති නිසා දකින සමනලුන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ චායාරුප ගැනීම විතරයි කලේ.Egg,larva,pupa කිසිම දෙයක් දැක්කේ නැත්තේ ඒ දැනුමේ අඩුපාඩුකම නිසාමයි.කෙසේ වෙතත් උදේ 10 ඉදන් හවස 4 විතර වෙනකන් අපි දැකපු සමනලුන් සියලු දෙනා මගේ අතින් සටහන් උනා.කඩින් කඩ වැටුණු වැස්සත්,ඇදිරි වැටීමට කලින් නැවතුම් පොලට යා යුතු වීම නිසාත් තවත් ඒ හා සමාන සමනලුන්
ප්‍රමාණයක් අපට නොපෙනී ගියා කියලයි මගේ හැඟීම.
Nymphalidae
Common Bushbrown
Common Bushbrown |
Glassy Tiger |
Gladeye Bushbrown |
Common Palmfly |
Common Sailor |
White Four ring |
Gray Pansy |
Black Prince |
Nigger |
Common evening Brown |
SriLanka Tree Nymph |
*King crow
*Commander
*Clipper
*Baron
Papilionidea
Sri Lanka Birdwing (Male and Female)
Sri Lanka Birdwing - Female |
\ |
female |
male |
*Common Jay
*Red helen
*Blue Mormon
*Common mormon
Piridae
Psyche
*Emigrents
*grass yellow
*jezebel
Riodinidae
Plum Judy
Lycaenidae
Yamfly
Nilgiri tit
Plains Cupid
Angled pierrot
Hesperiidae
Common Banded demon
Bush hopper
Conjoined swift
*Common Grass dart
තවත් වේලාවකදී අපි කුරුළු නඩයකට(Bird Flock) මැදි උනා.එතනදිමයි අපිට වැස්සත් හරස් උනේ.යන්තම් කුරුළු වර්ග කිහිපයක් අදුනගත්තා.තවත් වර්ග 3ක් විතර අඳුන ගන්න බැරි උනා.
Yellow browed Bulbul
Black Headed Bulbul
Scarlet minivit
female |
male |
Unknown |
*Brown brasted Fly catcher
*Black Bulbul
මේ ගමනේදී දැකපු තවත් සත්ව වර්ග කිහිපයක් තමයි මේ.
Photographers-Asanka Pushpamal
Kalana Pabasara
Me...
Saturday, July 28, 2012
නෙතදර 2012 මතකයන්
එදා දවස මට තාම හොඳට මතකයි.කාලයක් තිස්සේ මහන්සිවෙලා අපි සංවිධානය කරපු "සංදෘ 2011 -ප්‍රසංගයේ "වැඩ ටික ඉවරකරලා ඉන්න අතර කට්ටා මාව එක්කගෙන ගියා "පොඩි වැඩක් තියෙනවා වරෙන් යන්න" කියල.නෙතදර 2011 ප්‍රදර්ශනයට විනිශ්චයමණ්ඩලයෙන් ෆොටෝ තෝරන තැනට තමයි කට්ටා මාව එක්කගෙන ඇවිත් තිබුනේ.ඉතින් අපේ කැම්පස් එකේ Nature Team කියල සංගමයක් තියෙනවා කියල මම දැනගෙන හිටියත් එකට වැඩක් කරන්න සෙට් උනේ ඔන්න ඔහොමයි.union එකේ කාලයත් ඉවර වල තිබුණු නිසා මමත් කරන්න වැඩක් හොය හොයා හිටියේ.එත් ඊලග අවුරුද්දේ නෙතදර සංවිධානය කරන්න මුලිකත්වයක් ගන්න වෙයි කියල ඒ වෙලාවේදී මම හීනෙකින් වත් හිතුවේ නෑ.
ආරම්භක උත්සවයට පැමිණසිටි පිරිසෙන් කොටසක්.. |
වැඩේ පටන්ගන්න ටිකකට කලින්.. |
ආරම්භක උත්සවයට පැමිණසිටි පිරිසෙන් කොටසක්.. |
නෙතදර 2012 ආරම්භ කරමින්.. |
එයා තමයි අනුග්‍රාහකයන් හොයන වැඩේ බරටම කලේ.තව සඟරාවට ලිපි එකතු කරන වැඩේ,පෝස්ටර් සහ වීඩියෝ හදන එක වගේ වැඩ ගොඩක් ප්‍රමෝද් තනියෙන්ම කළා.මේ අතරේ ප්‍රදර්ශනය පවත්වන දවසට අපේ හැමෝටම අඳින්න දෙන්න Tshirt එකකුත් සුදානම් කරමින් පැවතුනේ.
උත්සවය අතරතුර.... |
අලුත් දෙයක් විදියට ජයග්‍රාහකයන්ට ලබා දෙන්න සමරු සිහිවටනයක් නිර්මාණය කරන්න අපි හිතුවා.නොයෙක් අදහස් යෝජනා උනත් ඒවා අතරින් අවසානයේ ජයග්‍රාහකයනට ලබාදුන් සිහිවටනය තමයි මේ.මේවා නිර්මාණය උනේ අජිත්,කලන,රංජන,චාමික,දිනුක,අසංක හා වාසලගේ කැපවීම නිසාමයි.
සුසිර සර් |
නෙතදර සඳහා නිර්මාණය කරන පහන බොහොම වැදගත් නිර්මාණයක්.ඒක අපේ අනන්‍යතාවයක් කිව්වොත් හරි.ඒ නිර්මාණය කරන පහන කැම්පස් එකේ හුඟක් වැඩ වලදී යොදා ගන්නවා.මෙදා සැරේ පහන නිර්මාණය කරලා දුන්නේ සචිත්.පහන හදන වැඩේ තනියෙන් කරන්න උනත් සුපිරියටම කරලා දුන්නා.
සචී සහ පහන.. |
ආරම්භයේ සිට ප්‍රදර්ශනය දක්වා කාලය තුල හා ප්‍රදර්ශනය දිනයේදී අමතක නොවන ගොඩක් දේවල් වලට අපට මුහුණ දෙන්න උනා(සහතික මාරු උනා වගේ ඒවා).ඔක්කොම මෙතන ලියන්නත් බෑ නේ!කොහොම උනත් ප්‍රශංසා හා අවවාද මධ්‍යයේ මධ්‍යස්ථ හැඟීමකින් යුතුව අපේ කාර්යබාරය අවසන් කරන්න පුළුවන් උනා.අන්තිමට කැම්පස් එකේ ඉදන් කළා කියන්න තව දෙයක් ජීවිතේට එකතු කර ගත්තා.ඒ වෙනුවෙන් Nature Team වෙත මම හිස නමා ආචාර කරනවා...
දිනේෂ් අයියා සහ යොහාන් අයියා -හිටපු සභාපති දේපලක් .. |
Nature Team-University of Moratuwa |
Wednesday, May 30, 2012
නිවාඩුවට ඇඹිලිපිටියේදී...
කලින් නිවාඩුවට ඇඹිලිපිටියේ ගෙදර ආපු වෙලාවේ සමනල්ලු,බත් කුරො සහ කුරුල්ලෝ වර්ග ගොඩක් වත්තේදී දැක ගත්තා.එත් ඒ දැකපු සමනල්ලු හරියටම අඳුන ගත්තේ 2ක් 3ක් විතර වගේ.ඒ නිසා මේපාර ගෙදර ආවම දකින අය අඳුනගන්න වැඩේට සැරටම ඇත ගැහුවා.අඳුන ගන්න ලේසිම ක්‍රමය ෆොටෝ ගහල අදුනගන්න එක කියලයි කියල මට හිතුනේ.ඉතින් ගෙදර ඉඳපු දවස් දෙක තුනේ මම ගෙදර ඇතුලේ හිටියෙම නෑ වත්තේම තමයි හිටියේ.
මේ වැඩේදි මට සමනල්ලු ගැන ගොඩක් දේ ඉගෙන ගන්න ලැබුනා.එකෙක් දෙන්නෙක් හැර ඔක්කොම කලින් දැකපු නැති අය.ඒ වගේ සමනලයෙක් කොහොම හරි අඳුනගන්න ලැබුනම තියෙන සතුට ඒවා කරන අය තමයි දන්නේ.සමහරු නම් ලඟට ගිහින් ෆොටෝ ගන්නකන් හෙලවෙන්නේවත් නැතුව බලාගෙන ඉන්නවා.තවත් සමහරු ළඟටම එනකන් ඉඳල ඉගිලිලා යනවා.එතකොට තමයි තරු විසිවෙන්නේ.තව සමහරු හිටිය මුල් දවස් දෙක තුනේ අල්ලන්න තියා හිතන්න වත් බැරි වෙච්ච අය.හැබැයි අන්තිම දවසේ ළඟටම ඇවිත් හිටිය "මගෙත් පොටෝ එකක් ගනින් "කියල වගේ.ඉතින් මමත් ඒ වගේ වේලාවකදී දෙපාරක් හිතන්න මහන්සි උනේ නෑ(chocolate soldier,common leopard,three spot grass Yellow,lemon emigrant වගේ අය තමයි මාව හොඳටම මහන්සි කලේ).සමහර සමනලුන් කොහොමවත් අඳුන ගන්න බැරි වෙලාවල් තිබුනා.හිමේෂ් අයිය,සහ එයාලගේ SL Butterfly සයිට් එක ගොඩක් උදව් උනා මේ කාර්යයේදී...
දිනය : 2012.05.27 සිට 2012.05.29 දක්වා
ස්ථානය : ගෙවත්ත.(ඇඹිලිපිටිය)
වෙලාව :උදෑසන 6.00 සිට සවස 5.00 දක්වා
(Camera-Sony W 180)
BUTTERFLIES
Nymphalidae
1.Common Sailor (Neptis hylas)
2.Common Leopard (Palanta palantha)
3.Chocolate Soldier (Junonia iphita)
4.Glassy Tiger (Parantica aglea)
5.White Four Ring (Ypthima ceylonica)
6.Bush Brown(හරියටම වර්ගයක් වෙන් කරලා හඳුනාගන්න ලැබුනේ නෑ.මේ දැක ගන්න ලැබුණු එකම අවස්ථාවේදී ගත්තු ෆොටෝ එක.ටිකක් ලඟට යන්න හැදුව විතරයි,අයිත් හොයන්නවත් බැරි විදියට ඉගිලිලා ගියා.)
ෆොටෝ එකක් ගන්න බැරි උනත් ගෙවත්තේදී හඳුනාගත්ත Nymphalidae කිහිප දෙනෙක් මේ..
*Common Crow
*Tawny Coster
*Blue Tiger
Hesperiidae
1.Chestnut Bob (Iambrix salsala)
2.Palm Dart(may be-pale/yellow or dark palm dart)
3.Common Grass Dart (Taractrocera maevius)
Pieridae
1.Three spot Grass Yellow (Eurema blanda)
මම කාලයක ඉඳල අඳුනගන්න හිටපු කෙනෙක්.එත් තාම හරියට ෂුවර් නෑ.හෙන ගේමක් දීල තමයි මේකත් ගත්තේ.
2.Lemon Emigrant (Catopsilia pomona)
බලා පොරොත්තු නොවුණු වෙලාවක අහම්බෙන් හමුවුණු කෙනෙක්.
Lycaenidae
1.Centaur Oakblue (Arhopala pseudocentaurus)
පුදුම වේගයකින් චලනය වෙනවා.පොඩ්ඩක් එහා මෙහාවුනු ගමන් අයිත් හොයන්නවත් නෑ.තටු දිගහැරියම තදම නිල් පාටයි.අහම්බෙන් සෙට් උණු අවස්තාවක්.
2.Tiny Grass Blue (Zizula hylax)
3.Lesser Grass Blue (Zizina otis)
Papilionidae
අවාසනාවකට හොඳ ෆොටෝ එකක්වත් මේ අයගේ ගන්න බැරි උනා.ටිකක් උඩින් යන නිසා තමයි අවුල.
1.Crimson Rose
2.Common mormon
මෙයාගේ ගත්තේ මේ වගේ ඒවා තමයි.
DRAGONFLIES
Yellow Wax Tail |
Black tipped percher |
Green Skimmer |
Green skimmer |
Subscribe to:
Posts (Atom)