ලිපි

Saturday, July 28, 2012

නෙතදර 2012 මතකයන්



එදා දවස මට තාම හොඳට මතකයි.කාලයක් තිස්සේ මහන්සිවෙලා අපි සංවිධානය කරපු "සංදෘ 2011 -ප්‍රසංගයේ "වැඩ ටික ඉවරකරලා ඉන්න අතර  කට්ටා මාව එක්කගෙන ගියා "පොඩි වැඩක් තියෙනවා වරෙන් යන්න" කියල.නෙතදර 2011 ප්‍රදර්ශනයට විනිශ්චයමණ්ඩලයෙන් ෆොටෝ තෝරන තැනට තමයි කට්ටා මාව එක්කගෙන ඇවිත් තිබුනේ.ඉතින් අපේ කැම්පස් එකේ Nature Team කියල සංගමයක් තියෙනවා කියල මම දැනගෙන හිටියත් එකට වැඩක් කරන්න සෙට් උනේ ඔන්න ඔහොමයි.union එකේ කාලයත් ඉවර වල තිබුණු නිසා මමත් කරන්න වැඩක් හොය හොයා හිටියේ.එත් ඊලග අවුරුද්දේ නෙතදර සංවිධානය කරන්න මුලිකත්වයක් ගන්න වෙයි කියල ඒ වෙලාවේදී මම හීනෙකින් වත් හිතුවේ නෑ.
ආරම්භක උත්සවයට පැමිණසිටි පිරිසෙන් කොටසක්..
ඇත්තටම අපි නෙතදර 2012 හරියටම පටන් ගත්තේ නෙතදර 2011 ආරම්භක උත්සවයෙන් මොහොතකට පස්සේ.අපි කිහිප දෙනෙක් එදා දැකපු සමහර අඩුපාඩුත් ඒවා අඩුකරගන්න කරන්න ඕන දේවලුත් තව අලුතින් කරන්න දේවලුත් කලාභවන පිටිපස්සේ බැංකුවකට වෙලා හුඟක් වෙලා සාකච්චා කළා.කැම්පස් 1 ඇතුලේ නෙතදර 2011 නැවතත් සංවිධානය කරලා එකෙන් අද්දැකීම් අරගන්නත් Nature Team වෙබ් සයිට් 1 හා දැන්වීම් පුවරුව ප්‍රතිස්ථාපනය කිරීමටත් අපි එදා ගත්තු ආරම්භය ගොඩක් වැදගත් උනා. 
වැඩේ පටන්ගන්න ටිකකට කලින්..
කොහොම කොහොම හරි කලාභවන වෙන්කරගන්න අපි ගියේ ජනවාරි මාසේ අනිතිම සතියේ.එදා හවස අපි පොඩි රැස්විමකුත් අරගෙන නෙතදර 2012  සංවිධාන කටයුතු ආරම්භ කල බව අපේ අනිත් අයටත් දැන්වුවා.මුලින්ම අපි දින වෙන්කළේ ජුනි මාසේ  15,16 වගේ තමයි මතක.පස්සේ සල්ලි බඳින්න යනකොට එදා දවස වෙන කෙනෙකුට බාර දීලා.වඳුරු භාෂාවෙන් වචන කටට ආවත් ඒවා ගිලගෙනම අපි ජුලි 20,21 දවස් දෙක අපේ වැඩේට වෙන්කරගත්තා.
ආරම්භක උත්සවයට පැමිණසිටි පිරිසෙන් කොටසක්..
ඉස්සරහට තිබුණු කාලය විභාග වලින් හා නිවාඩු වලින් පිරුණු කාලයක්.තව '09 බැච් එකේ අයට training තිබුනෙත් මේ කාලේදී.කොහොම උනත් නිවාඩුවට කලින් නෙතදර 2012 සඳහා අත්පත්‍රිකාවකුත් මුද්‍රණය කරලා,ඒවා  චායාරුප අපිට එවන්න කියල යවන ලියුම් එක්ක යවන්න අපිට පුළුවන් උනා.අපේ නිවාඩුව ඉවර වෙන්න තිබුනේ ජුනි මාසේ දෙවැනි සතියේ නිසා කරන්න තිබුණු හුඟක් වැඩ මේ කාලේදී කරන්න සැලසුම් කරලා තිබුනේ.අනුග්‍රාහකයන් හොයන්න,ෆොටෝ එකතු කරන්න,නෙතදර සඟරාව සැලසුම් කරන්න වගේ ගොඩක් දේවල් ඒ අතර තිබුනා.
නෙතදර 2012 ආරම්භ කරමින්..
අපට නිවාඩුව දුන්න දුන්නමයි,නවතින පාටක් නෑ.(මේ බ්ලොග් පොස්ට් එක ලියන වෙලාවෙත් අපිට නිවාඩුයි).ඉතින් කොහොමෙයි අපි නෙතදර කරන්නේ!මොන පිස්සුද,එක තප්පරයක් වත් මට නම් එහෙම හිතුනේ නෑ.පටන් ගත්තු වැඩේ කොහොමහරි හොදින් ගොඩ දාගන්න තමයි අපි හිතුවේ.මේ වැඩ වලට මුළු නිවාඩු කාලෙම ප්‍රමෝද් සහ මම බෝඩිමේ හිටියා.
එයා තමයි අනුග්‍රාහකයන් හොයන වැඩේ බරටම කලේ.තව සඟරාවට ලිපි එකතු කරන වැඩේ,පෝස්ටර් සහ වීඩියෝ හදන එක වගේ වැඩ ගොඩක් ප්‍රමෝද් තනියෙන්ම කළා.මේ අතරේ ප්‍රදර්ශනය පවත්වන දවසට අපේ හැමෝටම අඳින්න දෙන්න Tshirt එකකුත් සුදානම් කරමින් පැවතුනේ.
උත්සවය අතරතුර....
කැම්පස් වල අනධ්‍යන සේවක වැඩවර්ජනය නිසා තමයි අපිට නිවාඩුව සෙට් උනේ.ඉති කැම්පස් 1 ට තැපෑලෙන් එන ෆොටෝ භාරගන්න විදියක් අපිට තිබුනෙම නෑ.මොරටුව තැපෑල කාර්යාලෙට ගිහින් කතා කලත් වැඩක් උනේ නෑ.එතන කැම්පස් 1 ට එවල තියෙන ලියුම් ගොඩගහල තිබුණුවිදිය දැක්කම එවපු ෆොටෝ අපිට කවරෙන් එලියට ගන්නවත් පුළුවන් වෙයිද කියලත් හිතුන.කොහොමහරි ඒ වැඩෙත් ගොඩ දාගත්ත කියමුකෝ.අපට ෆොටෝ එවන අවසාන දවස විදියට තිබුනේ ජුනි 15 , ඒක අපි ජුලි 1 දක්වා කල්දැම්මා.අවසානයේ අපිට ෆොටෝ 700ක් විතර එකතු කරගන්න ලැබුනා.
අලුත් දෙයක් විදියට ජයග්‍රාහකයන්ට ලබා දෙන්න සමරු සිහිවටනයක් නිර්මාණය කරන්න අපි හිතුවා.නොයෙක් අදහස් යෝජනා උනත් ඒවා අතරින් අවසානයේ ජයග්‍රාහකයනට ලබාදුන් සිහිවටනය තමයි මේ.මේවා නිර්මාණය උනේ අජිත්,කලන,රංජන,චාමික,දිනුක,අසංක හා වාසලගේ කැපවීම නිසාමයි.
සුසිර සර් 
ඔවුන් බොහෝ දෙනා හරිත මිතුරන්ගේ ස්ථිර  සාමාජිකයන් නොවුවත් ආමන්ත්‍රණයකින් තොරවම තම කාලය හා ශ්‍රමය නෙතදර 2012 වෙනුවෙන් කැප කිරීම අමතක කල නොහැකිය.

නෙතදර සඳහා නිර්මාණය කරන පහන බොහොම වැදගත් නිර්මාණයක්.ඒක අපේ අනන්‍යතාවයක් කිව්වොත් හරි.ඒ නිර්මාණය කරන පහන කැම්පස් එකේ හුඟක් වැඩ වලදී යොදා ගන්නවා.මෙදා සැරේ පහන නිර්මාණය කරලා දුන්නේ සචිත්.පහන හදන වැඩේ තනියෙන් කරන්න උනත් සුපිරියටම කරලා දුන්නා.
සචී සහ පහන..
අපේ සංගමයේ සභාපති දසුන් අයියා තමන්ගේ අද්දැකීම් වලින්,උපදෙස් වලින් හා ශ්‍රමයෙන් නෙතදර 2012 සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් දුන්නා.තව,හසිත අයියා,දිනේෂ් අයියා, සහ එරන්ද අයියත් ලොකු සහයෝගයක් දුන්නා.ප්‍රදර්ශනය සඳහා ෆොටෝ සකස් කිරීම හා ෆොටෝ වෙන්කිරීමේ කටයුතු සඳහා ලෙවෙල් 1 මල්ලිලා නංගිලා තමන්ට පුළුවන් උපරිම සහයෝගය ලබා දුන්නා.නිවාඩු කාලය නොවුනානම් ලෙවල් 1 ලොකු පිරිසකගේ දායකත්වය අපිට ලබාගන්න තිබුනා.පොඩි දුකක් කියල අන්තිමට ඉතුරු උනෙත් ඒ දේ තමයි.මොකද කියනවනම් අපි 2011 දී සෙට් වුනු  නිසා තමයි මේ අවුරුද්දේ බය නැතුව අතගහන්න පුළුවන් උනේ.  

ආරම්භයේ සිට ප්‍රදර්ශනය දක්වා කාලය තුල හා ප්‍රදර්ශනය දිනයේදී අමතක නොවන ගොඩක් දේවල් වලට අපට මුහුණ දෙන්න උනා(සහතික මාරු උනා වගේ ඒවා).ඔක්කොම මෙතන ලියන්නත් බෑ නේ!කොහොම උනත් ප්‍රශංසා හා අවවාද මධ්‍යයේ මධ්‍යස්ථ හැඟීමකින් යුතුව අපේ කාර්යබාරය අවසන් කරන්න පුළුවන් උනා.අන්තිමට කැම්පස් එකේ ඉදන් කළා කියන්න තව දෙයක් ජීවිතේට එකතු කර ගත්තා.ඒ වෙනුවෙන් Nature Team වෙත මම හිස නමා ආචාර කරනවා...
දිනේෂ් අයියා සහ යොහාන් අයියා -හිටපු සභාපති දේපලක් ..
තවද විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුවත් හරිත මිතුරන් එකිනෙකා බැඳී ඇති සැටි මෙම ක්‍රියාවලිය අතරතුර මට වැටහුනා.නෙතදර 2012 එක් ව්‍යාපෘතියක් පමණක් උනත් තවත් එවන් ව්‍යාපෘති සියයක් කිරීමට හැකියාව හා ධෙර්යය මෙයින් මම ලබා ගත්තා.


Nature Team-University of Moratuwa