ලිපි

Wednesday, May 30, 2012

නිවාඩුවට ඇඹිලිපිටියේදී...


කලින් නිවාඩුවට ඇඹිලිපිටියේ ගෙදර ආපු වෙලාවේ සමනල්ලු,බත් කුරො සහ කුරුල්ලෝ වර්ග ගොඩක් වත්තේදී දැක ගත්තා.එත් ඒ දැකපු සමනල්ලු හරියටම අඳුන ගත්තේ 2ක් 3ක් විතර වගේ.ඒ නිසා මේපාර ගෙදර ආවම දකින අය අඳුනගන්න වැඩේට සැරටම ඇත ගැහුවා.අඳුන ගන්න ලේසිම ක්‍රමය ෆොටෝ ගහල අදුනගන්න එක කියලයි කියල මට හිතුනේ.ඉතින් ගෙදර ඉඳපු දවස් දෙක තුනේ මම ගෙදර ඇතුලේ හිටියෙම නෑ වත්තේම තමයි හිටියේ.

මේ වැඩේදි මට සමනල්ලු ගැන ගොඩක් දේ ඉගෙන ගන්න ලැබුනා.එකෙක් දෙන්නෙක් හැර ඔක්කොම කලින් දැකපු නැති අය.ඒ වගේ සමනලයෙක් කොහොම හරි අඳුනගන්න ලැබුනම තියෙන සතුට ඒවා කරන අය තමයි දන්නේ.සමහරු නම් ලඟට ගිහින් ෆොටෝ ගන්නකන් හෙලවෙන්නේවත් නැතුව බලාගෙන ඉන්නවා.තවත් සමහරු ළඟටම එනකන් ඉඳල ඉගිලිලා යනවා.එතකොට තමයි තරු විසිවෙන්නේ.තව සමහරු හිටිය මුල් දවස්‌ දෙක තුනේ අල්ලන්න තියා හිතන්න වත් බැරි වෙච්ච අය.හැබැයි අන්තිම දවසේ ළඟටම ඇවිත් හිටිය "මගෙත් පොටෝ එකක් ගනින් "කියල වගේ.ඉතින් මමත් ඒ වගේ වේලාවකදී දෙපාරක් හිතන්න මහන්සි උනේ නෑ(chocolate soldier,common leopard,three spot grass Yellow,lemon emigrant වගේ අය තමයි මාව හොඳටම මහන්සි කලේ).සමහර සමනලුන් කොහොමවත් අඳුන ගන්න බැරි වෙලාවල් තිබුනා.හිමේෂ් අයිය,සහ එයාලගේ SL Butterfly සයිට් එක ගොඩක් උදව් උනා මේ කාර්යයේදී...

දිනය     : 2012.05.27 සිට 2012.05.29 දක්වා
ස්ථානය : ගෙවත්ත.(ඇඹිලිපිටිය)
වෙලාව  :උදෑසන 6.00 සිට සවස 5.00 දක්වා
(Camera-Sony W 180)

BUTTERFLIES
Nymphalidae
1.Common Sailor (Neptis hylas)



2.Common Leopard (Palanta palantha)



3.Chocolate Soldier (Junonia iphita)



4.Glassy Tiger (Parantica aglea)


5.White Four Ring (Ypthima ceylonica)


6.Bush Brown(හරියටම වර්ගයක් වෙන් කරලා හඳුනාගන්න ලැබුනේ නෑ.මේ දැක ගන්න ලැබුණු එකම අවස්ථාවේදී ගත්තු ෆොටෝ එක.ටිකක් ලඟට යන්න හැදුව විතරයි,අයිත් හොයන්නවත් බැරි විදියට ඉගිලිලා ගියා.)



ෆොටෝ එකක් ගන්න බැරි උනත් ගෙවත්තේදී හඳුනාගත්ත Nymphalidae කිහිප දෙනෙක් මේ..

*Common Crow
*Tawny Coster
*Blue Tiger

Hesperiidae
1.Chestnut Bob (Iambrix salsala)




2.Palm Dart(may be-pale/yellow or dark palm dart)


3.Common Grass Dart (Taractrocera maevius)




Pieridae
1.Three spot Grass Yellow (Eurema blanda)


මම කාලයක ඉඳල අඳුනගන්න හිටපු කෙනෙක්.එත් තාම හරියට ෂුවර් නෑ.හෙන ගේමක් දීල තමයි මේකත් ගත්තේ.
2.Lemon Emigrant (Catopsilia pomona)

 බලා පොරොත්තු නොවුණු වෙලාවක අහම්බෙන් හමුවුණු කෙනෙක්.

Lycaenidae
1.Centaur Oakblue (Arhopala pseudocentaurus)


  පුදුම වේගයකින් චලනය වෙනවා.පොඩ්ඩක් එහා මෙහාවුනු ගමන් අයිත් හොයන්නවත් නෑ.තටු දිගහැරියම තදම නිල් පාටයි.අහම්බෙන් සෙට් උණු අවස්තාවක්.                            
2.Tiny Grass Blue (Zizula hylax)


3.Lesser Grass Blue (Zizina otis)


Papilionidae

අවාසනාවකට හොඳ ෆොටෝ එකක්වත් මේ අයගේ ගන්න බැරි උනා.ටිකක් උඩින් යන නිසා තමයි අවුල.
1.Crimson Rose

2.Common mormon


මෙයාගේ ගත්තේ මේ වගේ ඒවා තමයි.

DRAGONFLIES


Yellow Wax Tail
Black tipped percher
                                           
                                           
           
Green Skimmer
Green skimmer