ලිපි

Saturday, January 14, 2012

බෝධිනාගල ක්ෂේත්‍ර චාරිකාව




හරිත මිතුරන් විසින් 2012 වසරේ පළමු ක්ෂේත්‍ර චාරිකාව ලෙස බොධිනාගල රක්ෂිතය තෝරා ගැනීමට තීරණය කරන ලදී.ඉංගිරිය නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම රක්ෂිතයේ එකිනෙකට වෙනස් කුරුලු විශේෂ 150 කට අධික ප්‍රමාණයක් සිටී.විශ්ව විද්‍යාලයට ආසන්න ප්‍රදේශයක් වීම නිසා ගමනාගමන කටයුතුද පහසු බැවින් අපි බොධිනාගල චාරිකාව සංවිධානය කළෙමු.

                             අධ්‍යයන චාරිකාව ආරම්භ කිරීමට උදෑසන 6.00 ට පමණ විශ්ව විද්‍යාලයට රැස්වූ අප පානදුර නගරයට 6.30 පමණ වන විට ළඟා විය.පානදුර-රත්නපුර මාර්ගය ආසන්නයේ රක්ෂිතය පිහිටා ඇති අතර රක්ෂිතය කරා ළඟාවන විට උදෑසන 7.00 පමණ වී තිබුණි.එහිදී උදෑසන ආහාරය ලබා ගත් අපි අපගේ මාර්ගෝපදේශකයන් තිදෙනාත් කැටුව වෙල්යායත්,ගමත් හරහා රක්ෂිතයට වැටී ඇති මාර්ගයට සේන්දුවුණෙමු.එහිදී පැමිණි පිරිස එකිනෙකා හඳුනාගත් අතර පක්ෂී නිරීක්ෂණයෙදී පවත්වාගත යුතු ආචාරධර්ම,විනය හා සටහන් තබා ගැනීම පිළිබඳව සාකච්චා කෙරුණි.



කණ්ඩායම් 3ක් ලෙස බෙදී රක්ෂිතය වෙත ගමන ඇරඹූ අතර ආරම්භයේ සිටම නොයෙක් වර්ගයේ කුරුලු විශේෂ අපහට දැක ගත හැකි විය.ගමන් මාර්ගයේ ප්‍රථම ප්‍රදේශය කුඹුරු අශ්‍රිත ප්‍රදේශයක් වූ නිසා එළිමහන් බිම්වල දැකගත හැකි කුරුලු වර්ග බොහෝමයක් දැකගත හැකි විය.ගව කොකා(cattle Egret),සුදු මැදි-කොකා(Intermediate Egret),කණ කොකා(Pond Heron),අටු වැහිළිහිණියා(Barn Swallow),ළය සුදු මැදි-පිළිහුඩුවා(White Throated Kingfisher),පුංචි දියකාවා(Little Cormorant),මයිනා(Common Myna) හා ඒක දේශික පක්ෂියෙකු වූ නිතඹ රතු වැහිළිහිණියා(Red-rumped Swallow) එහි විය.

පැයක පමණ ගමනකින් අප ගම ආශ්‍රිත ප්‍රදේශයට සේන්දු වූ අතර එහි කුඩා දිය පහරක් අසල ඒකදේශික බත් කූරු විශේෂ 2ක් දක ගත හැකිවිය.Orange Face Sprite හා  Adam's Gem ලෙස හඳුනා ගන්නා ලදී.තවද කව්ඩා(Common Drongo),කහ කුරුල්ලා(Black-hooded Oriole),බොර ආසියා රැහැන්මාරා(Brown Paradise-Flycatcher),සුදු ආසියා රැහැන්මාරා(IndianParadise-Flycatcher) හා ඒකදේශික කුරුල්ලන් වූ අළු කෑදැත්තා(Sri Lanka Grey Hornbill),ගිරාමලිත්තා(Lorikeet),සිළු මහ කව්ඩා(Crested Drongo) එම පරිසරයේ සිටි පක්ෂී විශේෂයන්ය.

                 උදෑසන 11.00ට පමණ අප බෝධිනාගල ආරණ්‍යය වෙත පිවිසි අතර දහවල් කාලය පැමිණි නිසා නිරීක්ෂිත කුරුලු ප්‍රමාණයේ අඩුවක් පවතුනි.එහිදී ගස් ආශ්‍රිතව ජීවත් වන හූනන් විශේෂයක් හා තවත් ඒකදේශික කටුස්සන් විශේෂයක් දැකගත හැකි විය.හාල්දණ්දෙක් අතට ගෙන නිරීක්ෂණය කිරීමේ අවස්ථාවද අපට හිමි විය.


කලින් නිරීක්ෂිත පක්ෂීන්ට අමතරව ළය බොර මැසිමාරා(Brown Brested Flycatcher),නිල් මැසි මාරා(Tickle's blue flycatcher ) හා ඒක දේශිත පක්ෂියෙකු වූ වළිකිකිළියක් ද දක්නට ලැබුනි.දහවල් ආහාරය බෝධිනාගල ආරණ්‍යයයෙන් අපට ලබා දුනි.


 සවස 4.00ට පමණ විශ්ව විද්‍යාලය වෙත පිටත් වූ අපි රාත්‍රී 7.00 පමණ වන විට විශ්ව විද්‍යාලයට පැමිණියෙමු.එහිදී දිනය තුල කතයුතු සාරාංශයක් ලෙස සාකච්චා කල අතර තවත් "හරිත මිතුරෝ"සාර්ථක ක්ෂේත්‍ර චරිකාවක් එසේ සටහන් කළහ.





(හරිත මිතුරෝ වෙත සකසන ලදී...)